මෙරට ජනතාවගේ යහපත උදෙසා නෙත් එෆ් එම් රේඩියෝව ජාතියට තිලිණ කරන තවත් සුවිශේෂී වැඩසටහනක් හෙට සිට ආරම්භ වනවා. ඒ, හෙට සිට සෑම දිනකම උදෑසන 05ට ආරම්භ වන ආගමික වැඩසටහනයි.

මෙරට සුවහසක් ජනතාවගේ යහපත සහ දියුණුව උදෙසා නිරතුරුව ඇප කැප වන නෙත් එෆ් එම් ඒ වෙනුවෙන් බොහෝ වැඩසටහන් ඉදිරිපත් කර තිබෙනවා. එම ගමන් මඟේ තවත් සුවිශේෂී සලකුණක් සනිටුහන් කිරීම ඔක්තෝබර් මස පළමුවනදා, එනම් හෙට දිනයෙන් ආරම්භ වනවා. ඒ අනුව හෙට සිට උදෑසන 05ට “ නෙත් එෆ් එම් අලුයම්දුරය” වැඩසටහනට ඔබට සවන් දිය හැකියි. ආශිර්වාදාත්මක ගාථා ශ්‍රවණය කරමින් ඔබ උදෑසන අවදි වී පළමුව පානය කරන ජලය එම ගාථා මගින් බලගන්වා ජීවිතයට ආශිර්වාදයක් ලබා ගනිමින් දවස ආරම්භ කිරීමට එමගින් ඔබට අවස්ථාව උදා වනවා. මේ සුවිශේෂී පිරිත් දේශනාව සෑම දිනකම උදෑසන 05 සිට 108 වරක් ඔබට ශ්‍රවණය කළ හැකියි. එමගින් ඔබේ ජීවිතයට සුවිශේෂී වෙනසක් අත් වනවා නොඅනුමානයි.