ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරවලට විරෝධය පළ කිරීම සඳහා ටෙහෙරානයේ ජනතාව එක රැස් වී තිබෙනවා.
දහස් සංඛ්‍යාත පිරිසක් ටෙහෙරානයේ වීදි පුරා රැස්ව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ඉරාන – ඊශ්‍රායල ගැටුම අවසන් කිරීම සඳහා අමෙරිකාව, ප්‍රංශ සහ ජර්මානු විදේශ අමාත්‍යවරුන් ඉරාන නියෝජිතයින් සමඟ සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා.
අදාළ සාකච්ජා ජිනීවාහිදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව ඊශ්‍රායල සහ ඉරානය අතර ගැටුම් ඇති වීමෙන් පසු ඉරානය සහ බටහිර රටවල් මුහුණට මුහුණ සාකච්ඡා පවත්වන පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර වෙඩි හුවමාරුව අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර ඊශ්‍රායලය විසින් ටෙහෙරානයේ මිසයිල නිෂ්පාදන ස්ථාන කිහිපයකටම ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එසේම දකුණු ඊශ්‍රායලයේ බියර්ෂෙබා නගරයට එල්ල කල මිසයිල ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.