එංගලන්තයට විස්සයි විස්ස ක්රිකට් ජයක්
Published
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු විස්සයි විස්ස ක්රිකට් තරගයෙන් ලකුණු 119 ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04 ක් දැවී ලකුණු 254 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19 ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 135 ක් පමණයි.
එහිදී ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ ලකුණු 33 ක් සහ දසුන් ශානක ලකුණු 24 ක් රැස් කළා.
පන්දු යැවීමේදී එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ බේකර් ලකුණු 12 කට කඩුලු 03 ක් සහ ඕවර්ටන් ලකුණු 20 කට කඩුලු 02 ක් බිඳහෙළීමට සමත් වුණා.
ඒ අනුව තරග 03 කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය එකට බිංදුවක් ලෙස පෙරමුණ ගැනීමටයි එංගලන්තය සමත් වී සිටින්නේ




