කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන වේදිකාවේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
විපක්ෂය පවසන්නේ රහස් ඡන්දයක් පැවැත්වීම පළාත් පාලන මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝනය කරමින් සිදු කර ඇති බවයි.
මෙවැනි අවස්ථාවක රහස් ඡන්දයක් පැවැත්වීම සුදුසුද? නුසුදුසුද? නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතාගෙන් විමසීමක් කළා.
ඊට පිළිතුරු ලබා දෙමින් ඔහු කියා සිටියේ විවෘත ඡන්දය් ඉල්ලා සිටි පාර්ශවයම අවසානයේ රහස් ඡන්දයක් පැවැත්වීමේ යෝජනාව සථිර කිරීම හේතුවෙන් එහි නීතිමය වලංගුභාවයක් ඇති බව බැලූ බැල්මට පෙනී යන බවයි.
පාර්ලිමේන්තුවේදී තනතුරුවලට පත් කර ගැනීමේ ඡන්ද විමසීම් සිදු වන්නේද රහස්‍ය ලෙස බැවින් පළාත් පාලන ආයතනවල සභිකයින්ටත් එම අවස්ඡාව හිමි විය යුතු බවයි මැතිවරණ කොමිසෙමේ හිටපු සභාපතිවරයා පෙන්වා දුන්නේ.