ටීබු අවුරුදු 9ක් ජීවත් වෙලා හදිසි අසනීප තත්වයක් නිසා මිය ගොස් තිබුණා. මේ ටීබුගෙ පිංකම තිබුණෙ රාජගිරියෙ 1/4 සිරි මොර උයන මොරගස්මුල්ල ලිපිනයේ. එයා අපේ පවුලට එනකොට අපි සත්තු හදලා තිබ්බෙ නැහැ. සත්තුන්ට කැමතිත් නැහැ. ටීබු ආවට පස්සෙ හැම සතෙක්ගෙම බඩගින්න වේදනාව අපිට දැනෙන්න සැලැස්සුවෙ ටීබු. ඒ නිසා අපි සත්තුන්ට හැම දාම රෑට කෑම බෙදන්න යනවා. ලෙඩ උන අසරණ උන සත්තු හුගක් පණ බේරළා තියනවා. ටීබු වෙනුවෙන් හැම එයාගෙ උපන්දිනයකම පිංකමක් බාරගන්නවා. තව ආබාදිත සත්තුන්ට කෑම වේලක් ද්ව්න්න කුරුණෑගල සත්ත්ව අභය භූමියකට යනවා. ටීබු නිදහසේ හැදුන කෙනෙක් එයාට කූඩුවක්වත් නැහැ. ගෙදර අය අවුරුදු 9ක් එයාව ගෙදර දාලා කොහෙවත් ගිහින් නැහැ. අම්මයි තාත්තයි එලියට යනකොට ගෙදර එක්කෙනෙක් අනිවාර්‍යෙන් ඉන්න ඕන. පවුලෙ හතර දෙනා අවුරුදු නමයකින් එලියට් ගිහින් කෑම වේලක් අරන් ණැහැ. එයාගෙ අවසන් කටයිතු කරනකොට මුළු ලේන් එකේම අය ඇවිත් එතන ඇඩුවා. එයාට වෛර කරන කවුරුත් ණැහැ. පාංශු කූලය දෙනකොට වල වටේට ඉදගෙන ගමේ හුගක් අය ඇඩුවා. මේ පිංකමටත් ගමේ හැමෝම සම්බන්ද වෙලා එයාට පිං අනුමෝදන් කරලා තමයි ගියේ.