නව පොලිස්පතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද පත් කෙරුණා.
ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්.
ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් නව පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත අද පස්වරුවේ භාරදෙනු ලැබුවේ ජනාධිපති කාර්යාලයේදීයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61ඉ(ආ) ව්‍යවස්ථාව ප්‍රකාරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අනුව මෙම නව පත්වීම සිදුකර තිබෙනවා.
ඒ අනුව, නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක් වන්නේ ශ්‍රී ලංකා පොලිසියේ 37 වන පොලිස්පතිවරයා ලෙසයි.
1988 වසරේ මැයි මස 20 වනදා පොලිස් කොස්තාපල්වරයෙකු ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට එක්වූ ප්‍රියන්ත විජේසූරිය මහතා වසර 37ක අත්දැකීම් සහිත පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වනවා.
ඔහු කළුතර ඥාණෝදය මහා විද්‍යාලයේ සහ දොඩම්ගොඩ, නෑහින්න ද්වීතික පාසලේ ආදි ශිෂ්‍යයෙක්.
මේ දක්වා ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් කොස්තාපල්, උප පොලිස් පරීක්ෂක සහ සහකාර පොලිස් අධිකාරී යන අවධි තුනම පසු කරමින් පොලිස්පති ධුරයට පත් වූ පළමු පොලිස්පතිවරයා ලෙසද නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඉතිහාසයට එක්වනවා.
Published