වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය යටතේ ගොවි ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව ඇතැයි සර්වජන ගොවි සංවිධානය පවසනවා.

එහි ජාතික සංවිධායක කමල් තිස්ස බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ  රාජ්‍ය ආයතන අතර අනොන්‍ය සම්බන්ධයක් නොමැතිකම හේතුවෙන් එම තත්වය තවදුරටත් වැඩිවන බවයි.

ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

ගොවි ජනතාවගේ නිශ්පාදන සඳහා නිසි මිළක් ලැබී නොමැත බවද ඔහු කියාසිටියා

මේ අතර ඉකුත්දා පැවති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාද සඳහන් කලේ ගොවීන්ගේ නිශ්පාදන මිළදී ගැනීමට හෝ රජය නිසි මුදලක් වෙන්කර නොමැති බවයි.

 

කෙසේ වෙතත් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා ඊයේ පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ  වි මිළදී ගැනීම සඳහා අතිරේක මුදල් වෙන්කිරීමක් සඳහාද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බවයි.