Published
නිමාවූ බංග්ලාදේශ ශ්‍රී ලංකා ටෙස්ට් තරඟාවලියෙන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමට වසරක කාලයක් ගත වන තෙක් ටෙස්ට් තරඟයක් නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමට යළි ටෙස්ට් තරඟාවලියකට ක්‍රීඩා කිරීමට ඇත්තේ ලබන වසරේ ජුනි මාසයේ බවයි වාර්තා වන්නේ.
2025 – 2027 ලෝක ශූරතා ටෙස්ට් තරඟාවලියට අදාළව ශ්‍රී ලංකා කණ්ඩායමට ටෙස්ට් තරඟ 12ක් හිමිව තිබෙනවා.
මේ අතර සිය කණ්ඩායමට තවත් ටෙස්ට් තරඟ කිහිපයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරියේදී ජාත්‍යන්තර ක්‍රිකට් බලධාරින් සමග සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පැවසුවා.