බද්දේගම, මෝල්පතල හන්දිය ප්‍රදේශයේදී නීති විරෝධී දුම්වැටි සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ අහුංගල්ල කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් එම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.

එම වැටලීමේදී නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 200ක් සහ ගංජා භාවිතයේදී යොදා ගන්නා කඩදාසි පත්‍ර 300ක් සොයා ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 76 හැවිරිදි අම්පේගම, ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන අහුංගල්ල පොලීසිය මගින් ක්‍රියාත්මකයි.