Published
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද යළි ශක්තිමත් වී තිබෙනවා.
ඒ අනුව අද අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 326 ශත 01ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.
එහි විකුණුම් මිල දැක්වෙන්නේ රුපියල් 336 ශත 42ක් ලෙසයි.
පසුගිය සිකුරාදා අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 342 ශත 63ක් සහ විකිණුම් මිල රුපියල් 354 ශත 03ක් ලෙස සටහන් වුණා.




