Published
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින ක්‍රිකට් තරඟය දැන් පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
තරඟයේ කාසියේ වාසිය දිනා ගත් එංගලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරඟයට එක්වන්නේ එක් වෙනස්කමක් සමගයි.
ඒ අනුව ප්‍රමෝද් මධුෂාන් වෙනුවට වනිඳු හසරංග කණ්ඩායමට කැඳවා තිබෙනවා.
තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 03ක් දැවී ලකුණු 357ක් රැස් කළා.
විශිෂ්ට පිති හරඹයක නිරත වූ හැරී බෲක්ස් පන්දු 66 කදී නොදැවී ලකුණු 136ක් රැස් කළා.
ඊට හයේ පහර 09ක් සහ හතරේ පහර 11ක් ඇතුළත්.
ඔහුට අනගි සහයක් ලබා දුන් ජෝ රූට් පන්දු 108 කදී නොදැවී ලකුණු 111ක් රැස් කළා.
ඔහු අද වාර්තා පොතට එක් වුණේ එංගලන්තය වෙනුවෙන් එක්දින ශතක 20ක් රැස් කළ පළමු ක්‍රීඩකයා ලෙසයි.




