සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 19ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා. තරගයේ ප්‍රථමයෙන් පන්දුවර පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 06ක් දැවී ලකුණු 271ක් රැස් කළා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 93යි. ජනිත් ලියනගේ ලකුණු 46යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 02ක් තුළ සියලු දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 252ක් පමණයි.

බෙන් ඩක්කට් ලකුණු 62ක් හා ජෝ රූට් ලකුණු 61ක් රැස් කළා. එංගලන්ත ඉනිමේ පන්දුවාර 36ක්ම ලකුණු 144කට සීමා කරමින් කඩුලු 06ක්ම දවාගත් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් තරගයේ ජයග්‍රහණයට මාවත විවර කර ගත්තා. වේග පන්දුවෙන් ප්‍රමෝද් මධුෂාන් කඩුලු 03ක් බිඳ හෙලුවා.

ශ්‍රී ලංකා ඉනිමේ අඟ භාගයේදී නොදැවී වේගවත් ලකුණු 25ක්, පන්දු යැවීමේදී කඩුලු 02ක් සහ පිටියේදී විශිෂ්ට උඩ පන්දුවක් ඇතුලු උඩ පන්දු තුනක් රැකගත් දුනිත් වෙල්ලාලගේට තරගයේ වීරයා සම්මානය පිරිනැමුණා.

ශ්‍රී ලංකා - එංගලන්ත දෙවන එක්දින ක්‍රිකට් තරගය හෙට සවස පැවැත්වීමට නියමිතයි.