Published
ගොඩගම, තෙල්වත්ත ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනාට දින 07ක රැඳවුම් නියෝග නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා පවසනවා.
අදාළ සැකකරුවන් 06 දෙනා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 07 වනදායි.
ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ එම වැටලීමේදී හෙරොයින් කිලෝ 05යි ග්‍රෑම් 416ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 32 සහ 51 යන වයස්වල පසුවන ගාල්ල, අහංගම, තෙල්වත්ත, වතුගෙදර සහ සීනිගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මගින් සිදු කරනු ලබනවා.




