සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
තරගාවලියට තරග තුනක් ඇතුළත්. පළමු තරගය තවත් නොබෝ වේලාවකින් ආරම්භ වන්නේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
කලකට පසු සංචිතයට කැඳවූ චාමික කරුණාරත්න සහ දසුන් ශානක යන දෙදෙනාටම අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ හැකියාව පවතින බවයි ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පැවසුවේ.
අද තරගයට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩයාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළ කළේ මෙවන් අදහසක්.
බංග්ලාදේශය සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩාංගන තුනකදීයි. එහි වාසි අවාසි සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ශ්‍රී ලංකා නායකයාගෙන් ප්‍රශ්න කළා.
ශ්‍රී ලංකා කණ්ඩයාම මෙම තරගාවලියට එක් වන්නේ බංග්ලාදේශයට එරෙහි ටෙස්ට් තරගාවලිය සහ එක්දින තරගාවලිය ජය ගැනීමෙන් පසුවයි.
දෙරට අතර පැවැත්වෙන පළමු පන්දු වාර විස්සයි විස්ස තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.