ලබන වසරේදී යළි රත්‍රං මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා.

එහි වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ ඉකුත් දිනවල අසාමාන්‍ය ලෙස ඉහළ ගිය රත්‍රං මිල මේ වන විට ක්‍රමයෙන් පහළ යමින් ඇති බවයි.

මේ වන විට රන් පවුමක මිල රුපියල් ලක්ෂ තුනේ සීමාවට වඩා පහළ ගොස් ඇති බව ඔහු කියා සිටියා.

තවදුරටත් එම මිල ගණන් පහළ යනු ඇති බවයි සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පැවසුවේ.

මේ දිනවල රත්‍රං මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙසද ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යංශයේ සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දුන්නා.

රත්‍රංවල ගුණාත්මකභාවය සම්බන්ධයන් කිසියම් ගැටලුවක් වෙතොත් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත දැනුම්දෙන ලෙසයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.