ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමේ අවදානමක් ඇතැයි වාර්තා වනවා.

ඒ, ඔහුගේ පාදයක හටගත් මාංශ පේශි ආබාධයක් හේතුවෙන්.

වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා තුන් ඉරියව් ක්‍රීඩක දුෂාන් හේමන්ත ආදේශ කරනු ඇති බවටද වාර්තා වනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයේදී වනිඳු හසරංග මෙලෙස ආබාධයකට ලක්වී තිබෙනවා.

එම තරගය ශ්‍රී ලංකාව ලකුණු 20කින් ජය ගත්තා.

එහිදී තමන් යැවූ පන්දුවාර හතරේදී ලකුණු 25කට ප්‍රතිවාදී කඩුළු 3 ක් බිද හෙළීමට වනිදු හසරංග සමත් වුණා.

මේ අතර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරග දැන් පැවැත්වෙනවා.

ඒ, දිල්ලිහිදීයි.

තරගයේ කාසිය වාසිය දිනූ නෙදර්ලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහර දෙන නැමීබියානු කණ්ඩායම (12.00 pm ට)  පන්දුවාර 11 ක් අවසානයේ කඩුළු 2 ක් දැවී ලකුණු 78 ක් ලබාගෙන සිටියා.

මේ අතර එම තරගාවලියේ නවසීලන්තය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග තරගය පස්වරු 03ට චෙන්නායිහිදී ආරම්භවීමට නියමිතයි.

අද දිනයේ තුන්වන තරගය පැවැත්වෙන්නේ පකිස්ථාන හා අමෙරිකානු කණ්ඩායම් අතරයි. එම තරගය රාත්‍රී 07ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භවීමට නියමිතයි.