Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයට තරගය නතර කරන විට සිය දෙවන ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 173ක් රැස් කරගෙන සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායමට සිය පළමු ඉනිම සඳහා අද දිනයේදී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 485ක් පමණයි.
ඒ, බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට ලබාගත් ලකුණු 495ට පිළිතුරු වශයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 187ක් රැස්කල අතර කමිඳු මෙන්ඩිස් ලකුණු 87ක් ලබා ගත්තා.
ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම අද සිව්වන දිනයට තරගය නතර කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 187ක් ඉදිරියෙන් පසු වනවා.
තරගයේ තීරණාත්මක අවසන් දිනය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.