බදුරලිය, තුඹගල්ල කන්ද කැළෑබද ප්‍රදේශයක සගවා තිබියදී සොයාගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය අයත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සහ ඒවා රැගෙන ආ පුද්ගලයන් සොයා පුළුල් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
අයිස් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කිසියම් පුද්ගලයෙකු එම කැළෑබද ප්‍රදේශයට පැමිණෙන බවට බදුරලිය පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඒවා සොයා ගනු ලැබුවා.
එහිදී කළු පැහැති ගමන් බෑගයක තිබී අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් 60ක් සොයාගත් බවයි බදුරලිය පොලීසිය පැවසුවේ.
එම අයිස් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි පහ හමාරකට ආසන්න බවයි පැවසෙන්නේ.
කිසියම් ස්ථානයක සිට එම අයිස් මත්ද්‍රව්‍ය තොගය අසුරා ඒවා ගමන් බෑගය බහා තවත් පුද්ගලයෙකුට රැගෙන යාම සඳහා මෙලෙස මෙම ස්ථානයේ තබන්නට ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය විදේශයක සිට මෙම ස්ථානයට රැගෙනආ පුද්ගලයා සහ ඒවා කිනම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට අයත් ද යන්න සම්බන්ධයෙන් එලෙස පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි බදුරලිය පොලීසිය පැවසුවේ.




