Published
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ ඉරාන විදේශ අමාත්‍ය සෙයිද් අබ්බාස් අරාග්චි අතර දුරකථන සංවාදයක් පැවැති බව ඉරානයේ ඉන්දීය තානාපති කාර්යාලය තහවුරු කර තිබේ.
එහිදී ඔවුන් අතර මැද පෙරදිග ගැටුම් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
ඉන්දීය විදේශ අමාත්‍යවරයා එහිදී ඉරාන විදේශ අමාත්‍යවරයාට පවසා ඇත්තේ ඉක්මනින් ඉරානය සමග රාජ්‍ය තාන්ත්‍රික විසඳුමකට එළඹෙන ලෙසයි.
එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍යවරයා පවතින අයහපත් තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර ප්‍රජාවේ ගැඹුරු සැලකිල්ල ප්‍රකාශ කළේය.
මැද පෙරදිග කලාපය අස්ථාවර කරන ඕනෑම පියවරකින් වැළකී ඉක්මනින් රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ආපසු යා යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.