සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර සමත් වුණා.

ඒ, දෙරට අතර පැවති තුන්වන විස්සයි විස්ස තරගය කඩුළු 5කින් ජය ගනිමින්.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 169 ක් රැස් කළා.

දුනිත් වෙල්ලාලගේ පන්දු 28 කදි ලකුණු 43 යි. පැතුම් නිස්සංක පන්දු 17 කදි ලකුණු 26 ක් රැස් කළා.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුළු 5ක් දැවී එම ඉලක්කයට ළගා වුණා.

ශෆේන් රදර්ෆර්ඩ් පන්දු 40කදි නොදැවී ලකුණු 54යි.

පන්දු යැවීමේදි ලකුණු 33කට ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 5ක් බිද හෙළුෑ ෂමාර් ජෝෂප් තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත් අතර සමස්ත තරගාවලියේදි කඩුළු 11 ක් දවාගත් ඔහුට තරගාවලියේ වීරයා සම්මානයද හිමි වුණා.