Published
පාලකයා ජනතාවට ආදරය කරනවා මෙන්ම ජනතාවට වගවීමක් ඇති කිරීමට බුදු දහම තුළින් මඟ පෙන්වා තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එම අගනා සංස්කෘතික දායදයන්හි, අක්මුල් අද සමාජයෙන් බැහැර වී තිබෙන බැවින් නැවතත්, එම පැරැණි සංස්කෘතික අක්මුල් කැටුව එමින් අධ්‍යාත්මික ජීවයක් ඇති සමාජයක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ.
කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහැර මංගල්‍යය ශතක සංවත්සර සමාරම්භක උත්සවයට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළ කළා.
වත්මන් ආණ්ඩුව බලයට පැමිණියහොත් පෙරහැර නතර කර දමන බවට ඇතැමුන් ප්‍රකාශ කළ ද සංස්කෘතික වටිනාකම් හා හර පද්ධතීන්ට වටිනාකමක් ලබාදීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළ අද ප්‍රායෝගිකව ඔප්පු කර තිබෙන බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.













