Published
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද රාත්‍රියේ පැවැත් වෙනවා.
ඒ, පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඉහළ මානසිකත්වයකින් යුතුව සූදානමින් සිටින බවයි කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවේ.
ශ්‍රී ලංකා සංචිතයට කැඳවා සිටින දසුන් ශානකට සහ චාමික කරුණාරත්නට අද තරගයේදී කණ්ඩායමේ ස්ථාන හිමිවන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පැවසුවා.
අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් යොදා ගැනීමට අපේක්ෂා කරන ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක කරුණු දැක්වූවා.