ඉන්දියාවේ අහමදාබාද්හි ඊයේ සිදු වූ ගුවන් අනතුර සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබෙනවා.

ඒ, සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින්.

මෙම ශෝක ජනක අවස්ථාවේ ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව වෙත සහෝදරත්වය පළ කරන අතර මියගිය පිරිස වෙනුවෙන් ශෝකය පළ කරන බව එහි සඳහන් කර තිබෙනවා.

ඊයේ සිදු වූ එම ගුවන් අනතුරෙන් පුද්ගලයින් 241 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.