ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉදිරියේ ලකුණු ලබා ගැනීම කිසිසේත්ම පහසු කටයුත්තක් නොවන බව බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දැනට සිටින ජ්‍යේෂ්ඨතම පිතිකරුවා වන මුෂ්ෆිකර් රහීම් පවසනවා.
ඔහු කියා සිටියේ තමා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කළ යුතු ආකාරය පිළිබඳ හොඳින් අධ්‍යයනය කර ඇති බැවින් දෙරට අතර පළමු ටෙස්ට් තරඟයේ පළමු දිනය පුරා පන්දුවට පහර දීමට හැකි වූ බවයි.
මුෂ්ෆිකර් රහීම් මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබා ගැනීමෙන් පසු මාධ්‍ය අමතමින්.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය ඊයේ නිමා වන විට වැඩි වාසි අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් වුණා.
ඒ, කඩුලු 03ක් දැවී ලකුණු 292ක් රැස් කර ගනිමින්.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන නායක සැන්ටෝ නොදැවී ලකුණු 136ක් සහ කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයා වන මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 105ක් රැස් කරගෙන සිටිනවා.