සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ පරාජයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් වගකිව යුතු බව නායක චරිත් අසලංක පවසනවා.
ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු කියා සිටියේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු දවා ගැනීමට තිබූ අවස්ථා දෙකක් ගිලිහී යාමද ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට එක් හේතුවක් වූ බවයි.
ඉදිරි තරඟවලට ඇති සූදානම සම්බන්ධයෙන්ද චරිත් අසලංක මාධ්‍ය හමුවේ අදහස් දැක්වුවා.
ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරඟය ලකුණු 83කින් ජය ගැනීමට සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.
දඹුල්ලේ පැවති එම තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කලේ පළමුව පන්දු රැකීමටයි.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම නියමිත් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 177ක් රැස් කළා.
පන්දුවාර 15යි පන්දු දෙකක් අවසානයේ සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 94ක් පමණයි.