පකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් යුත් T20 ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගයද විශිෂ්ට ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද සමත් වුණා.
තරගය පැවැත්වුණේ රන්ගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්රීඩාංගණයේදීයි.
පළමුවෙන් පපන්දුවට පහරදුන් පකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 175ක් රැස් කරගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩකාවන් තරඟය ජය ගත්තේ පන්දුවාර 17යි පන්දු 4දී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු එකසිය 178ක් ලබා ගනිමින්.
තරගයේ දක්ෂතම ක්රිඩිකාව ලෙස සංජනා කාවින්දි සම්මාන දිනා ගත්තා.
ඒ පන්දු 24දී ලකුණු 46ක් ලබා ගනිමින් ඇය ක්‍රීඩා කළ වේගවත් ඉනිම වෙනුවෙන්.
ඇගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6 ක්ද ඇතුළත් වුණා.
මීට අමතරව නායිකා චමරී අතපත්තු පන්දු 15දී හයේ පහර 3ක් සහ හතරේ පහර 5ක් සමග වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.
හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 37යි.
පන්දු යැවීමේදී චමුදි ප්‍රබෝධා ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉහළම දක්ෂතාව දැක්වුවා.
ඒ පන්දුවාර 4ක් යවා ලකුණු 27ට කඩුලු 2ක් දවා ගනිමින්.
තරගාවලියේ පළමු තරඟයද ශ්‍රී ලංකාව ජයගත් අතර ඒ අනුව දැන් තරගාවලිය දෙකට බිංදුවක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගෙන සිටිනවා.


