අයි සී සී කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරඟය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.

එම තරඟය පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම තරඟාවලිය යටතේ මේ වන විට ක්‍රීඩා කර ඇති තරඟ ගණන 03ක්.

එහෙත් කිසිදු තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට හැකි වුණේ නැහැ.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ තුනෙන් එක් තරඟයක් ජය ගෙන තිබෙනවා.