බහුතර බලය හිමි නොවූ තවත් පළාත් පාලන ආයතන රැසක බලය ලබා ගැනීම සඳහා ජාතික ජන බලවේගය විවිධ දේශපාලන පක්ෂ සමග තවදුරටත් සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වනවා.

මේ වන විට ජාතික ජන බලවේගය බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන 178න් පළාත් පාලන ආයතන 41ක බලය තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ජාතික ජන බලවේගය මේ වන විට බලය හිමි කරගෙන ඇති පළාත් පාලන ආයතන ගණන 192ක්.

කෙසේවෙතත් සමගි ජන බලවේගය මේ වන විට බලය හිමි කරගෙන ඇත්තේ පළාත් පාලන ආයතන 22ක පමණයි.

බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතන කිහිපයක නගරාධිපතිවරු හා සභාපතිවරු පත් කිරීමේ කටයුතු අද දිනයේද සිදු වනවා.

බහුතර බලය හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා මෙලෙස අදහස් පළ කළා.

කෙසේවෙතත් පළාත් පාලන ආයතනවල බලය ලබා ගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගය විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තවදුරටත් ඇතැම් වරප්‍රසාද ලබාදෙමින් සිටින බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ මහතා පැවසුවේ.

මේ අතර බහුතර බලය හිමි නොවූ ඉතිරිව ඇති පළාත් පාලන ආයතන රැසක බලය සමගි ජන බලවේගය හිමිකර ගන්නා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසුවේ.