Published
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුළු 5කින් ජය ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 209 ක්.
එහිදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ආයුෂ් මාට්රේ පන්දු 43කදී ලකුණු 73ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් වුණා.
කෙසේවෙතත් ජයග්‍රාහී ලකුණු 210ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4 ක් අවසානයේ කඩුළු 5 ක් පමණක් දැවී තරගය ජය ගත්තා.
නායක ශ්‍රේයස් අයියර් ලකුණු 50 යි.
පන්දු 29කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් සහ හතරේ පහර 4 ක් අයත්.




