Published
ජර්මනියේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද එරට සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ඒ, බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදීයි. අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ පැවැත්වෙන ව්‍යාපාරික සංසදයට සහභාගී වීමට නියමිතයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් මහත්මිය අතර හමුවක් ද අද පස්වරුවේ බර්ලිනයේදී පැවැත් වීමට නියමිතව තිබෙනවා.
මේ අතර අද පස්වරුවේ ජනාධිපතිවරයා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.