පකිස්ථානයේ අනුග්‍රහය ලබන දේශසීමා ත්‍රස්තවාදයට එරෙහිව ඉන්දියාවේ දැඩි ස්ථාවරය අවධාරනය කිරීම සඳහා සර්ව පාක්ෂික ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් අමෙරිකාවට පැමිණ රජයේ ඉහල මට්ටමේ නිලධාරීන් සමග රැස්වීම් මාලාවක් පවත්වා තිබේ.
අමෙරිකාවට පැමිණි එම ඉන්දියානු නියෝජිත ඔවුන්ගේ නිල කටයුතු ආරම්භ කරමින් අමෙරිකානු කොන්ග්‍රස් සාමාජිකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඉන්දියානු ඩයස්පෝරාවේ සාමාජිකයින් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
කොංග්‍රස් මන්ත්‍රී ශෂී තරූර්ගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිස, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ සබඳතා කමිටුවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වූ අතර, පසුව විදේශ කටයුතු කමිටුවේ රිපබ්ලිකන් සභාපති බ්‍රයන් මාස්ට් සහ ඩිමොක්‍රටික් ශ්‍රේණිගත කිරීමේ සාමාජික ග්‍රෙගරි මීක්ස් ද හමුවිය.
ඩිමොක්‍රටික් ශ්‍රේණිගත කිරීමේ සාමාජික ග්‍රෙගරි මීක්ස් පැවසුවේ, ශෂී තරූර් සහ විදේශ කටයුතු පිළිබඳ ඉන්දීය පාර්ලිමේන්තු ස්ථාවර කමිටුවේ සාමාජිකයින්ට සත්කාර කිරීමට ලැබීම සතුටක් බවයි.
එමෙන්ම ඉකුත් දා පහල්ගම් වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කළ අමෙරිකානු නියෝජිතයින් එක්සත් ජනපද-ඉන්දියා හවුල්කාරිත්වය සඳහා කොංග්‍රසයේ කැපවීම නැවත තහවුරු කර තිබේ.
එමෙන්ම ඉන්දීය නියෝජිත පිරිස සින්දූර් මෙහෙයුම සහ දේශසීමා ත්‍රස්තවාදයට එරෙහි ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ඇමරිකානු නීති සම්පාදකයින් දැනුවත් කළ බව ද ඉන්දීය මාධ්‍ය පවසයි.