ඉහළ කෝට්ටේ හා කඩිගමුව දුම්රිය ස්ථාන අතරදි පීලි පැනීමකට ලක්වූ දුම්රියේ මැදිරි පීලිගත කිරීමේ කටයුතු තවදුරටත් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට රඹුක්කන දක්වා තවදුරටත් සීමා කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

පේරාදෙණිය සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය පීලි පැනීමකට ලක් වුණේ අද පෙරවරු 6 ට පමණයි.

එහිදී එම දුම්රිය පස් කණ්ඩියක සහ ගලක ගැටීම හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක් පීලි පැනිමකට ලක්වූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටයත් පැවසුවේ.