Published
ලොව සුපතළ කොන්කා සන්නාමය මෙරට ගෘහවිදුලි නිෂ්පාදන ක්ෂේත්රය තුළ පෙරළියක් ඇති කරමින්, ෆ්ලිකෝ ඔස්සේ ප්රථම වරට තම විප්ලවීය වී මැක්ස් ටී වී නිෂ්පාදන පෙළ ශ්රී ලංකාවට හඳුන්වා දීම ඉකුත් දා සිදු කළා. මෙම නිෂ්පාදන පෙළට ස්මාර්ට් රූපවාහිනී සහ ස්මාර්ට් නොවන රූපවාහිනී මාදිලි පෙළක්ම ඇතුළත් වනවා. ලොව සුපතළ වෙබ් ඕ එස් සහ ගූගල් ඕ එස් ස්මාර්ට් රූපවාහිනී තාක්ෂණයන් සමඟ වී මැක්ස් තාක්ෂණය මුසුකරමින් අඟල් 32, අඟල් 43, අඟල් 55 සහ අඟල් 65 වශයෙන් විවිධ ප්රමාණවලින් වෙළෙඳපොළට හඳුන්වා දි තිබෙනවා. එමෙන්ම, ස්මාර්ට් තාක්ෂණය භාවිත නොකරන පාරිභෝගිකයන් වෙනුවෙන්ම මෙම නවතම වී මැක්ස් තාක්ෂණය අඟල් 32 සහ අඟල් 43 මාදිලි වශයෙන් ලබා ගැනිමේ පහසුවද සලසා තිබීම විශේෂත්වයක්.