නවතම ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු පන්දු යැවීම් අංශයෙන් සහ පිතිකරණ අංශයෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව සිව්වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම කුසල් ජනිත් පෙරේරා 09 වන ස්ථානයේ පසුවන අතර කුසල් මෙන්ඩිස් 18 වන ස්ථානයේ පසුවනවා.

විස්සයි විස්ස පන්දු යැවීම්වල ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිදු හසරංග සිව්වන ස්ථානයේ පසුවන අතර නුවන් තුෂාර 06 වන ස්ථානයේ පසුවනවා.

එමෙන්ම මහීෂ් තීක්ෂණ පසුවන්නේ 16 වන ස්ථානයේයි.

මේ අතර පකිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිවයිනෙන් පිටත්ව ගියා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සඳහන් කළේ ශ්‍රී ලංකා කණ්ඩායමේ යම් වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බවයි.