ශ්‍රී ලංකාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක ඩිජිටල් පද්ධතිය වන ලිලී ලංකා ඩිජිටල් සංචාරක වේදිකාව නිලවශයෙන් පසුගියදා ජනගත කෙරුණා.

ඒ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පැවති උත්සවයකදීයි.

සම්ප්‍රදායික සංචාරක සැලසුම් ක්‍රමවේදවලින් මිදී, තමන් කැමති පරිදි තම ගමන හැඩගස්වා ගැනීමට ලිලී සංචාරකයාට අවස්ථාව පවතිනවා.

ඒ අනුව සංචාරක ගමනාන්තය ගවේෂණය කිරීමට, නවාතැන් තෝරා ගැනීමට, දේශීය මගපෙන්වන්නන් හා සම්බන්ධවීමට ඇතුළු පහසුකම් රැසක් සිය සංචාරක වේදිකාව හරහා ලබා ගතහැකි බවයි ලිලී ලංකා පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිණී මියුනි රාජපක්‍ෂ මහත්මිය පැවසුවේ.