ඉරානයට පහර දීම සඳහා ඊශ්‍රායලයට සහය පල කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අවධානය යොමුකර ඇතැයි විදෙස් මාධ්‍ය අද වාර්තා කලා.
එසේ වුවහොත් අමෙරිකාවේ ඉලක්කය වනු ඇත්තේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයි.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරානයේ භූගත න්‍යෂ්ටික මධ්‍යස්ථාන ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරවලට සම්බන්ධ වීමට ට්‍රම්ප් සලකා බලමින් සිටින බවයි.
මේ පිළිබඳ අනාවරණ වුණේ ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි සැඟවී සිටින ස්ථානය නිවැරදිව දන්නා නමුත් මේ මොහොතේ ඔහු ඝාතනය කිරීමට උත්සහ නොදරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇති පසුබිමකයි.
මේ අතරතුර ඉරානයේ ටෙහෙරාන් නුවර කේන්ද්රතම මධ්‍යස්ථානවලට ඊයේ රාත්‍රි ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායලය පවසනවා.
ආයුධ නිෂ්පාදන ස්ථානයක්ද ප්‍රහාරයේ ඉලක්කය වූ බවයි ඊශ්‍රායල හමුදාව පවසා ඇත්තේ. න්‍යෂ්ඨික අවි සඳහා යොදා ගන්නා යුරේනියම් බල ගන්වන යන්ත්‍ර ද එහි ප්‍රධාන ඉලක්කයක් වී තිබුණා.
ජුනි 13 වන දින ගැටුම ආරම්භ වූ දා මිලියන 10 ක් පමණ ජනතාවක් සිටින ඉරානයේ ටෙහෙරානයට පමණක් ඊශ්‍රායලය මේ දක්වා ප්‍රහාර 100 කට වඩා එල්ල කර තිබෙනවා. ඉරානයද ඊශ්‍රායලයේ ජනාකීර්ණ ප්‍රදේශ වන ටෙල් අවිව් සහ හයිෆා වෙත ප්‍රහාර එල්ල කළා.