සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග අද පැවැත්වෙන පළමු එක්දින තරගයේදී කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ තණ තීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය වනු ඇතැයි ක්‍රීඩා විචාරකයින් මත පළ කරනවා.

සාමාන්‍යයෙන් ප්‍රේමදාස පිටියේ තණ තීරුව දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය බවටයි කලක් තිස්සේ පැවසුනේ.

එහෙත් මෑතකදී පැවති තරග වාර්තා සැසදීමේදී වේග පන්දු යවන්නන්ට මෙන්ම පිතිකරුවන්ට ද වඩාත් යෝග්‍ය තණ තීරුවක් ප්‍රේමදාස පිටියේ පවතින බවයි ක්‍රීඩා විචාරකයින් පැවසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක ද ප්‍රේමදාස පිටියේ තණ තීරුව පිළිබඳ අදහස් පළ කළා.

ඇන්ජලෝ මැතීව්ස්ට එක්දින සහ පන්දු වාර 20 ක්‍රිකට් තරගවලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවස්ථාවක් පවතී දැයි මාධ්‍යවේදීන් චරිත් අසලංකගෙන් ප්‍රශ්න කළා.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය අද සවස 02.30ට ආරම්භ වනවා. මෙම තරගය දිවා රාත්‍රී තරගයක්.