Thursday, May 15, 2025

General line - 0115112241

නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට



නීති විරෝධී ලෙස විදේශීය දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සන්තකයේ තිබී දුම්වැටි 22,000ක් සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

ඔහු ඩුබායි සිට දිවයිනට පැමිණ තිබෙනවා. සැකකරු කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.