Wednesday, May 14, 2025

General line - 0115112241

නුවරඑළියේදී තෙල් බවුසරයක් පෙරලෙයි

රංජිත් රාජපක්ෂ



නුවරඑළිය, කිරිමැටිය මාර්ගයේ ක්ලාන්ට්රොන් වත්ත ප්‍රදේශයේදී තෙල් බවුසර් රථයක් අනතුරට පත් වීමෙන් එම මාර්ගයේ ගමනා ගමනය අවහිර වී තිබෙනවා. 

එලෙස අනතුරට ලක්ව ඇත්තේ කොලොන්නාවේ සිට වැලිමඩ දක්වා ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 33,600ක් පමණ ප්‍රවාහනය කළ බවුසර් රථයක්. 

අදාළ බවුසර් රථයේ ටැංකි කොටස මාර්ගය හරහා පෙරලීම හේතුවෙන් ඉන්ධන කාන්දු වන බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

කාන්දු වන ඉන්ධන වෙනත් බවුසර් රථයකට මාරු කිරිමට මේ වන විට ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ නිළධාරින් පියවර ගනිමින් සිටිනවා. 

අනතුර සම්බන්ධයෙන් නානුඔය පොලිසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.