Saturday, May 17, 2025

General line - 0115112241

පාස්කු වාර්තාව විමර්ශනයට විශේෂ කමිටුවක්



මේ වනවිට පොලීසියට ලැබී ඇති පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ සභාපතීත්වයෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා මෙම අදහස් පළ කළේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ඉදිරි විමර්ශන පිළිබඳ අද පැවති මාධ්‍ය හමුවකදීයි.


මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකරන බව පැවසූ තොරතුරු මෙතෙක් ප්‍රකාශ නොවීම පිළිබඳ මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් ප්‍රශ්න කළා. 


පිල්ලෙයාන් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන පිළිබඳව ද මෙහිදී ප්‍රශ්න කෙරුණා.