වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් නැමැත්තා මියගොස් තිබෙනවා.
ඊයේ රාත්‍රී 09යි 10ට පමණ වැල්ලම්පිටිය, “ලක්සඳ සෙවණ” මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී එම වෙඩිතැබීම සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනිමින් එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ රාත්‍රියේ පැවසුවේ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා වෙඩි වැදීමෙන් මියගොස් ඇති බවයි.
පසුව එය නිවැරදි කරමින් ඔහු බරපතල තත්ත්වයෙන් පසුවන බවත් මියගොස් නොමැති බවත් ප්‍රකාශ කළා.
එහෙත් යළි අද අලුයම නිවේදනයක් නිකුත් කළ පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඩෑන් ප්‍රියදාස් නැමැත්තා මියගොස් ඇති බව තහවුරු කළා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 39ක්.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ උරහිස ප්‍රදේශයට සහ තවත් වෙඩි ප්‍රහාර දෙකක් ඔහුගේ පපුව ප්‍රදේශයට එල්ල වී ඇති බවයි වාර්තා වුණේ. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීර ඒකකයේ තැන්පත් කර ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සඳහා වැල්ලම්පිටිය පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා.