Thursday, May 15, 2025

General line - 0115112241

කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටීමට හේතුව නිසි පරිදි, සැලසුම් සහගතව සකස් නොකිරීමයි - රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය



කොළඹ ජාතික රෝහලේ තොරතුරු ජාලගත කිරීමේ පද්ධතිය බිඳ වැටීමට හේතුව එය නිසි පරිදි, සැලසුම් සහගතව සකස් නොකිරීම බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසනවා. 

එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ එම පද්ධතිය මීට වසර කිහිපයකට පෙර සකස් කරන අවස්ථාවේදී එය සකස් කිරීමේ පවතින බරපතල ගැටලු පෙන්වා දුන්න ද එවක බලධාරින් ඊට ඇහුම්කන් නොදුන් බවයි.

රජයට වැඩි වැය බරක් දැරීමට සිදුවන ආකාරයෙන් මෙම පද්ධතිය සකස් කිරිමට කටයුතු කළ නිලධාරින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකල යුතු බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.