Friday, May 9, 2025

General line - 0115112241

ජයගත් සභා දෙසිය හැට හතේම බලය පිහිටුවන්නේ මාලිමාවයි - සභා නායක පාර්ලිමේන්තුවේදී කියයි



ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන දෙසිය හැට හතේම සභා පිහිටුවන්නේ ජාතික ජන බලවේගයම බව සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. 

කිසියම් සභාවක බලය පිහිටු වීමට යම් පාර්ශවයක් මන්ත්‍රීවරුන් මුදලට ලබා ගැනීමට තැත් කළහොත් ඔවුන් සියලුදෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍ය බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ.


මේ අතර පසුගියදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ උණුසුම් වාද විවාද ඇති වුණා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා සහ අමාත්‍ය බිමල් රත්නායක මහතා අතර ඇති වුණේ මෙවන් සංවාදයක්.


අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.


ඉන් අනතුරුව විවාදයට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා මෙලෙස අදහස් පළ කළා.


පළාත් පාලන ඡන්ද විමසීමේ මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුව ජන මතය කියවා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.


ඉන් අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ඊට ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.