Sunday, May 11, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතනවල ඉහළ පුටුවලට සුදුසු පුද්ගලයන් මෙවරත් පත් නොවනු ඇති බවට සැකයක්



පළාත් පාලන ආයතනවල ඉහළ තනතුරු සඳහා සුදුසු පුද්ගලයින් මෙවරද පත් නොවනු ඇති බවට මැතිවරණ නිරීක්‍ෂණ සංවිධාන සැක පළ කරනවා. 

ඒ, අදාළ තනතුරු සඳහා දේශපාලන පක්ෂවල ඉහළ තනතුරු හොබවන පුද්ගලයින්ගේ අභිමතය පරිදි අනාදිමත් කාලයක සිට පැවත එන පත් කිරීම් මෙතෙක් නතර කිරීමට නොහැකි වීම හේතුවෙන්. 

මෙම ක්‍රමවේදය වෙනස් කරනවා යැයි කියූ පාර්ශව මෙතෙක් ඒ සඳහා නිර්ණායක සකස් කර නොමැති බවයි ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ මංජුල ගජනායක මහතා නෙත් නිවුස් කළ විමසීමකදි පැවසුවේ. 


එසේනම් සුදුසු පුද්ගලයින් අදාළ තනතුරු සඳහා පත් කිරීමේදී සැලකිල්ලට ගත යුතු කරුණු මොනවාදැයි නෙත් නිවුස් එහිදී ප්‍රශ්න කළා.