Sunday, May 11, 2025

General line - 0115112241

තුන්කොන් එක්දින තරඟාවලියේ අවසන් තරඟය වෙනුවෙන් ක්‍රීඩාලෝලීන්ගෙන් චමරි කළ ඉල්ලීම



ශ්‍රී ලංකා - ඉන්දියා සහ දකුණු අප්‍රිකා කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟය අද පැවැත්වෙනවා. 

ඒ, සත්කාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි. 

තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. 

ඉන්දු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද අවසන් මහා තරඟයට එක් වන්නේ එම තරඟාවලියේ පැවති තරඟ දෙක බැගින් ජය ගනිමින්. 

අවසන් මහා තරඟයට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සූදානම සම්බන්ධයෙන් කණ්ඩායම් නායිකා චමරි අතපත්තු මාධ්‍ය හමුවේ අදහස් දැක්වුයේ මෙලෙසයි. 


අවසන් මහා තරඟයේදී සිය කණ්ඩායම දිරිමත් කිරීම සඳහා තරඟය නැරඹීමට පැමිණෙන ලෙසට චමරි අතපත්තු ක්‍රීඩාලෝලීන්ගෙන් ඉල්ලීමක්ද කළා.