පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීම සම්බන්ධයෙන් වන මූලික කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා ගැනීම සඳහා ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි නියෝජ්‍ය අමාත්‍යරයා පැවසුවේ.
සමගි ජන බලවේගය පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂ සමග සාකච්ඡා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේ.