Tuesday, May 13, 2025

General line - 0115112241

අහංගම, කබලාන ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු දුම්රිය අනතුරකින් සිව්දෙනෙක් රෝහලට



අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. 
 
අනතුරින් ජීප් රථයේ ගමන් ගත් සිව්දෙනෙකු තුවාල ලබා ගාල්ල ජාතික කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය පැවසුවේ. 
 
තුවාලකරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා.
 
BMW වර්ගයේ ජීප් රථයක් බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වන දුම්රියක ගැටී අදාළ අනතුර සිදුව තිබෙනවා. 
 
පොලීසිය පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය තුළ පුද්ගලයින් 06 දෙනෙකු ගමන් කර ඇති බවයි. 
 
සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.