Tuesday, May 13, 2025

General line - 0115112241

දිවයින පුරා අද දිනයේත් විවිධ පිංකම් රැසක්

කමල් සුරවීර-තිසර සෝමරත්න-කේ.ඩී.දේවප්‍රිය



සම්බුදු තෙමඟුල සමරමින් දිවයින පුරා අද දිනයේත් විවිධ පිංකම් සංවිධාන කර තිබෙනවා. 

ආමිසයට මෙන්ම ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් සංවිධාන කළ පිංකම් රැසක් ඒ අතරට අයත්. 

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම පාහේ අද දිනයේ ද දන්සැල් රැසක් සංවිධාන කර ඇති අයුරු වාර්තා වනවා. 
 

මහනුවර නගරයේ වෙසක් මංගල්‍යය සැමරීම පිළිබඳ තොරතුරු ගෙන එන්නේ මහනුවර නෙත් නිවුස් වාර්තාකරු කමල් සුරවීර.


නෙත් නිවුස් වාර්තාකරු තිසර සමල් සෝමරත්න ගෙන එන්නේ ඓතිහාසික අනුරාධපුර නගරයේ වෙසක් අසිරිය පිළිබඳ තොරතුරුයි. 


මේ, කතරගම වෙසක් සැමරුම පිළිබඳ තොරතුරු ගෙන එන නෙත් නිවුස් වාර්තාකරු කේ.ඩී දේවප්‍රිය.