වෙසක් පුර පසළොස්වක පොහොය දිනය නිමිති කර ගනිමින් නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන නේත්රාලෝක වෙසක් කලාපය මේ වන විට අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථානයේ පැවැත්වෙනවා.
එහිදී තොරණ, පහන් කූඩු ඇතුළුව දන්සැල්, සැදැහැ ගී, සංස්කෘතික ප්‍රසංග ආදී ආමිස පූජා රැසක් දැකබලා ගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වනවා.
අද පස්වරුවේ සිට තවත් පිංකම් රාශියක් එම පිංබිමේදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් පස්වරුවේ ආශිර්වාද බෝධි පූජාව සිදු කරනු ලබනවා.
මේ පිළිබඳ තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා අම්බුළුගල දන්තපාය රජමහා විහාරස්ථ පුදබිමෙහි රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.