Tuesday, May 13, 2025

General line - 0115112241

නුවරඑළියේ රාජ්‍ය වෙසක් උත්සවයට විශාල පිරිසක්

රංජිත් රාජපක්ෂ



මෙවර නුවරඑළියේ පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය නැරඹීම සඳහා ඊයේ දිනය පුරා අති විශාල සැදැහැවතුන් පිරිසක් නුවරඑළිය නගරයට පැමිණ තිබෙනවා. 

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අද උදෑසන සිට ද සැදැහැවතුන් විශාල ලෙස නුවරඑළිය නගරය කරා පැමිණෙමින් ඇති බවයි. 

තොරණ, දර්ශනීය පහන් කූඩු ඇතුළු නේකවිධ විචිත්‍රත්වයෙන් මෙවර රාජ්‍ය වෙසක් කලාපය සමන්විතයි. 

වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන පිරිස වෙනුවෙන් දන්සැල් රැසක් ද සංවිධානය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

වෙසක් කලාපයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික බස් රථ එක්ව විශේෂ ප්‍රවාහන පහසුකම් ද සලසා දී තිබෙනවා. 

නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ මහතා පැවසුවේ සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙළක් ද පොලිසිය විසින් දියත් කර ඇති බවයි.